ව්‍යාජ ජනාධිපති සමාවක් පදනම් කරගනිමින් සිරකරුවන් අනවසරයෙන් නිදහස් කිරීමේ චෝදනා මත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් උපුල්දෙණියගෙන් පැය 10 කට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.
ඇතැම් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කිරීමට ජනාධිපති සමාව අනිසි ලෙස භාවිතා කළ බවට චෝදනා කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව අදාල පරීක්ෂණය සිදු කරන ලදී.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි
By