නිකුත් කරන ලද 2025 පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු තනි පක්ෂයක් සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් ලැබී නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ප්‍රථිපළ අනුව, ජාතික ජනබලවේගය ආසන 48ක් ද, සමගි ජන බලවේගය ආසන 29ක්, එක්සත් ජාතික පක්ෂය ආසන 13 හා වෙනත් පක්ෂ කණ්ඩායම් ආසන 27ක් ලබාගෙන ඇත.

ජාතික ජන බලවේගය නගර සභාවේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ඇතත් ඔවුන්ට හිමිවන මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සභාවේ බහුතර බලය හිමිකරගෙන නොමැති බවද හෙතෙම පවසයි.

සභාවේ සෙසු පක්ෂ වලට හිමි ආසන කරන අනුව බහුතරය ඇති හවුල් පාලනයක් පහසුවෙන්ම පිහිටුවිය හැකි බවද ඒ මහතා කියා සිටියි.