පළාතේ පළාත් පාලන ආයතන 34ක් පැවති අතර, ඉන් පළාත් පාලන ආයතන 21ක වැඩි ඡන්ද ගණනක් ලබා ගැනීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි සමත් වී ඇති බව මැතිවරණ ප්‍රථිපළ මගින් පෙනී යයි.

එම ප්‍රථිපළ අනුව, ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 4ක වැඩි ඡන්ද ලබා ගැනීමට ද, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය පළාත් පාලන ආයතන 3ක වැඩි ඡන්ද ලබා ගැනීමට ද,සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 3ක වැඩි ඡන්ද ලබා ගැනීමට ද, ස්වාධීන කණ්ඩායමක් එක් පළාත් පාලන ආයතනයක වැඩි ඡන්ද ලබා ගැනීමට ද,ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය එක් පළාත් පාලන ආයතනයක වැඩි ඡන්ද ලබා ගැනීමට ද, දෙමළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය එක් පළාත් පාලන ආයතනයක වැඩි ඡන්ද ලබා ගැනීමට ද සමත් වී ඇත.

එහෙත් පැවති 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 6න් 3ක බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර 6න් ආසන 2ක් ද, ත්‍රිකුණාමලයේ මන්ත්‍රී ආසන 4න් ආසන 2ක බලය ද, මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කයේ එක් ආසනයක් හා දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ ආසන 4ක් ද ජාතික ජන බලවේගයට දිනා ගැනීමට හැකි විය.

පසුගිය ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණයන්හිදී දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ වෙත උතුරු පළාතේ බලය හිමිව තිබූ අතර, එම බලය 2024 මහමැතිවරණයේදී සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබිණි.