2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (මැයි 6) පෙරවරු 7ට ආරම්භ වුණා. ඡන්ද විමසීම පස්වරු 4 දක්වා පැවැත්වේ. ඡන්ද මධ්‍යස්ථාන 13759කදී ඡන්ද විමසීම පැවැත්වේ. මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 75,589 දෙනා අතුරින් සභිකයින් 8287 දෙනෙකු අද පැවැත්වෙන ඡන්ද විමසීමෙන් පළාත් පාලන ආයතන සඳහා තෝරා ගැනීමට නියමිතය.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක උපුටා දක්වමින් වාර්ථා කර ඇත්තේ උදෑසන 10:00 වන විට දිවයින පුරා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 15-20% අතර පැවති බවයි.
උදෑසන 10 වනවිට 15-20% අතර ඡන්දය ප්‍රකාශ කරයි. මැතිවරණය සාමකාමීයි.
By