කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක්, නවක වදය හේතුවෙන් අසල වැවකට පැන සියදිවි නසා ගැනීමට තැත් කර ඇති අතර, නවක වදය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිසුන් සිව්දෙනෙකුඅත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම සඳුදා (02) දහවල් සිදු වී ඇති අතර අවට සිටි අය විසින් සිසුවිය බේරාගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසීය. රෝහල් ආරංචි මාර්ගවලට අනුව, ඇය දැනට ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

කුලියාපිටිය පොලිසිය සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.