රාජයට රුපියල් මිලියන 26.2 ක පාඩුවක් සිදු කළ බව කියන වැලි කැණීම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම මගහරින බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දීමෙන් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බවට වාර්ථා වේ.
නිලධාරීන් පැවසුවේ ඔහු තම දුරකථනය විසන්ධි කර, නිවස අතහැර දමා, කිහිප වතාවක් නිකුත් කරන ලද නිවේදන නොසලකා හැර ඇති බවයි.
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග
By