හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත නිසි අවසරයකින් තොරව ප්‍රකාශ ලබා දී ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු ආරම්භ කර ඇති බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් මාධ්‍ය වෙත කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.