ඉකුත් දා අභියාචනාධිකරණය විසින් 2024 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් ලබා දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු විශේෂ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (30) නිෂ්ප්‍රභ කළා.
ඉදිරිපත් කෙරුණු දීර්ඝ කරුණු සම්බන්ධව සලකා බැලීමකින් පසුව ඒ.එච්.ඒම්.ඩී නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා එස්.එම්.පී. සූරියබණ්ඩාර පත් කිරීමට 2024 වසරේ මාර්තු මස 05 වනදා ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් එම අධිකාරියේ සේවය කළ පළ පුරුදු ඉංජිනේරුවරයෙක් වන කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි අභියාචනාධිකකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා.
දීර්ඝ විභාගයකින් අනතුරුව ඉකුත් 08 වනදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකකරණය අදාළ තනතුර සඳහා 2024 වසරේ මාර්තු මස 05 වන දා සිට බලපැවැත්වෙන පරිදි කේ.ඩබ්ලිව් කණ්ඩම්බි පත් කරන ලෙස ආඥාවක් නිකුත් කර තිබුණා.
එම තීරණය අභියෝගයට ලක් කරමින් වග උත්තරකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සඳහන් කළේ අභියාචනාධිකකරණයේ මෙම නියෝගය නීතිමය වශයෙන් දෝෂ සහගත බවත් එය බල රහිත කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එහෙත් කේ.ඩබ්ලිව් කන්ඩම්බි වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම කරුණු දක්වමින් අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නියෝගය නීත්‍යානුකූල බවත් එය තහවුරු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ අභියාචනා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
RDA අධ්‍යක්ෂ ජනරාල් තනතුර පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
By