වර්තමානයේ වෙළඳපොලේ ඇති කීරි සම්බා සහල් හිඟයට තමන් වගකිව යුතු නැති බව මහා පරිමාණ සහල් සැපයුම්කරුවෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා පැවසයි.
මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ නාඩු සහල් මිල කිලෝවකට රුපියල් 270 සිට කිලෝවකට රුපියල් 170 දක්වා පහත වැටී ඇති බවයි. කෙසේ වෙතත්, කීරි සම්බා සහල් කිලෝවකට රුපියල් 260 කට ලබා ගත නොහැකි වී ඇත්තේ නිෂ්පාදනයේ හිඟය මත බෙදා හැරීමට ප්‍රමානවත් තරමි වී නොලැබීම මත බවයි.
"ගොවීන් නාඩු සහල් වැඩිපුර වගා කර ඇති අතර කීරි සම්බා අඩුවෙන් වගා කර ඇත. හිඟය හේතුවෙන් ඔවුන් කීරි සම්බා අඩු මිලට විකිණීමට කැමති නැත. අපි නීතිය තුළ ක්‍රියා කළ යුතු අතර අපි අභියෝග කිහිපයකට මුහුණ දී සිටිමු. රජය සුදුසු විසඳුම් ලබා දෙන්නේ නම්, අපට බොහෝ ගැටලු විසඳා ගත හැකිය," ඔහු පැවසීය.
කීරි සම්බා හිගය මගේ වැඩක් නෙමේ - ඩඩ්ලි
By