2025 අගෝස්තු 2 වන දින බොහෝ දෙනා අපේක්ෂා කළ City of Dreams Sri Lanka විවෘත කිරීම සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ෂාරුක් ඛාන් නොපැමිනෙන බව දැන්වීමෙන්ඉ පසු බොලිවුඩ් සුපිරි තරුවක් වන රිතික් රෝෂන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වේ.

දකුණු ආසියාවේ පළමු සුඛෝපභෝගී ඒකාබද්ධ නිවාඩු නිකේතනයේ ආරාධිතයින්ට පමණක් පැවති දියත් කිරීමේ උත්සවයේදී ෂාරුක් ඛාන් රංගනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, "අනපේක්ෂිත සහ නොවැළැක්විය හැකි පෞද්ගලික හේතූන් මත" ඛාන් තවදුරටත් සහභාගී නොවන බව සංවිධායකයින් නිවේදනය කළේය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් එක්ව සංවර්ධනය කරන ලද මෙගා ව්‍යාපෘතියේ නිල එළිදැක්වීම සනිටුහන් කරන සන්ධිස්ථාන උත්සවයේදී ඉන්දියාවේ වඩාත්ම කීර්තිමත් නළුවෙකු සහ රංගන ශිල්පියෙකු වන රිතික් රෝෂන් දැන් අදාල උත්සවය අලංකාර කරනු ඇත.