ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවක වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර එම බැංකුවේ ගනුදෙණු කරුවන්ට අයත් රුපියල් මිලියන 50 කට අධික මුදලක් වංචනික ලෙස ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් සිව්දෙනෙකු සැප්තැම්බර් 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
මෙම වංචනික ක්‍රමයට සම්බන්ධ තවත් සැකකරුවන් සිටීනම් ඔවුන්වද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මෙම වංචනික මෙහෙයුම සහ අඛණ්ඩ විමර්ශන කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දී තිබුණි.
මෙම මහා පරිමාණ වංචාව රට තුළ සංවිධානාත්මකව සිදු කර ඇති බවත්, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසීය.
සැකකරුවන් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේය.
ව්‍යාජ බැංකු වෙබ් පිටුවක් නිර්මාණය කර මුදල් වංචා කල හතරක් රිමාන්ඩ්
By