නීතිවිරෝධී ලෙස එකලස් කළ වාහන නඩුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑණා අගෝස්තු 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර, එම නඩුවේම චෝදනා ලැබ සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී.