තමන් පොදුජන පෙරමුණ හැර නොගිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අනාගතය නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මනත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තම ජන්ම දිනය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකදි මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.
“මම පොහොට්ටුව හැර ගියෙත් නෑ. පොහොට්ටුව මාව හැරගියෙත් නෑ. නාමල් රාජපක්ෂගේ අනාගතය හදන්න මට ඕන කරනවා මේ සියලු දෙනා ඒකතු කරන්න. මේ හැරගිය සුනු විසිනු වුණ අය එකතු වෙන්න ඕන.”තමන් කිසිම දිනක තනතුරු පසුපස නොගිය බවත් තනතුරු තමන් පසුපස පැමිණි බවත් වැඩිදුරටත් පැවැසීය.
-අද