රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් විසින් ධුරයෙන් නෙරපා දැමූ එරට ප්‍රවාහන අමාත්‍යවරයා වෙඩි තබාගෙන මියගොස් සිටිය දී  සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

රෝමන් ස්ටාරොවොයිට් සේවයෙන් පහ කිරීමට කිසිදු හේතුවක් දක්වා නොමැති අතර, ඔහුගේ තනතුර වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය ඇන්ඩ්‍රි නිකිටින් පත්කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

2024 මැයි මාසයේදී ස්ටාරොවොයිට් රුසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත් කළ අතර, ඊට පෙර, ඔහු 2024 මැයි දක්වා වසර හයකට ආසන්න කාලයක් කර්ස්ක් කලාපයේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කරනු ලැබුවා.

කෙසේ වෙතත් රෝමන් ස්ටාරොවොයිට්ගේ මියයාමේ සිද්ධියේ කරුණු තහවුරු කරගැනීමට කටයුතු කරන බවයි විමර්ශන අංශ වැඩිදුරටත් පැවසුවේ.