ජාතික පාරිභෝගික පෙරමුණේ  නායක අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා ඉල්ලා ඇති බවත් සතොස ආයතන විසින් හඳුන්වාදුන් ලොකු ළුනු මිලදීගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් මත ඔහු මෙම පියවර ගෙන ඇති බවත්ය.

රජය විසින් ලොකු ළූණු මිලදීගැනීම සඳහා සිදුකරමින් තිබෙන නව ක්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට පැවති මාධ්‍ය හමුවකදී  ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම තොරතුරු සත්‍ය නම් ඉතා සතුටු වන බවත් මේ මේ ආකාරයේ මෝඩ තීන්දු ගත් නිසා රජය දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවත්ය.