මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේ දී පසුගිය 25 වනදා පාසල් ළමුන් රැගත් බස් රථයක රියදුරුවරයෙක්ට යම් සිද්ධියක් පදනම් කර ගනිමින් පහර දුන් සිද්ධියට අදාළව සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි. ඒ අතර සැකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් සිටින බව වාර්ථා වේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 21, 26 සහ 27 යන වයස්වල පසුවන්නන් වන අතර සැකකාරිය වයස අවුරුදු 38ක තැනැත්තියක්.
සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය ඊයේ (26) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය ඇප මත මුදාහැර තිබෙන අතර සැකකරුවන් තිදෙනා හෙට (28) දිනය දකවා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
මහනුවර පහර දීමේ සිද්ධියට සම්බන්ධ හතරක් අත්අඩංගුවට
By