සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම කොමසාරිස්වරයා ජුනි 17 වන දින පළමු රැස්වීම කැඳවා තිබූනත් කටයුතු පවත්වාගෙන යාම සඳහා එදින ගනපූර්ණය නොමැතිවීම මත අදට කල් තැබූ අතර අද ඇතිවූ තත්වය මත දෙවන දිනටත් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර විසින් එය දින නියමයක් නොමැතිව කල් දමන ලදී.
ඒ අද උදෑසන රැස්වීම ආරම්භ වූ විට, ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සාමාජිකයින් අතර මතභේද හේතුවෙනි.
එක් කණ්ඩායමක් රහස් ඡන්දයකට සහ අනෙක් කණ්ඩායම විවෘත ඡන්දයකට කැමැත්ත පළ කළහ. මන්ත්‍රීවරුන් 24 දෙනෙකු රහස් ඡන්දයකට සහ 23 දෙනෙකු විවෘත ඡන්දයකට කැමැත්ත පළ කළ බව කොමසාරිස්වරයා සභාවට දැනුම් දීමට තීරණය කළේය.
අවසන තම විරෝධතාව පළකරමින් රහස් ඡන්දයකට කැමැත්ත පළ කළ සාමාජිකයින් පිටව ගියහ.
මෙම තත්වයන් යටතේ, ගණපූර්ණය නොමැතිකම හේතුවෙන් කොමසාරිස්වරයා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීය.
සීතාවක සභාව පිහිටුවීමට අදත් බැරිවෙයි.
By