ප්‍රජාතන්ත්‍රවාදය ජාතික ආරක්ෂාව සැමට එක නීතියක් සඳහා දූෂණයට හා වංචාවට එරෙහි වූ ව්‍යාපාරය විසින් පවත්වන ජන හමු මාලාවේ කළුතර ජනහමුව අමතමින් සරත් ෆොන්සේකා මේ බව කීය.
රට පාලනය කරන්නේ රටට පොහොර, තෙල්, ඖෂධ, ගල් අඟුරු ගෙන ඒම තීරණය කරන දූෂිත වළල්ල බවත් මේ දූෂිත ජාලයේ නිර්මාතෘවරුන් වන්නේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සල්ලිකාර මිත්‍රයන් බව ද හෙතෙම අවධාරණය කරයි.
එහෙයින් මේ අවස්ථාවේ වත්මන් ආණ්ඩුවේ කාර්යයන් සම්බන්ධව කලකිරීමක් ඇතත් කිසිසේත් විවේචනය නොකළ යුතු බවත් එසේ වුවහොත් එහි වාසිය යන්නේ පැරණි දූෂිත වළල්ලටම බවත් සරත් ෆොන්සේකා පෙන්වා දෙයි.
පළමුව කළ යුත්තේ යළි හිස එසවීමට උත්සාහ කරන පැරණි දූෂිත දේශපාලන කල්ලි අතුගා දැමීම බවත් ආණ්ඩුවේ දුර්වලතා ඇත්නම් විවේචනය කළ යුත්තේ අනතුරුව බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.