හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට කෝටි 400කට අධික වත්කම් ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී කිට්නර් සෙල්වරාජ් මහතා ජන හමුවක් අමතමින් සඳහන් කරයි.
ඒවා ලැබුණු ආකාරය අහන විට ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට කට උත්තර නැතිව ගොස් ඇති බවත් අයථා ලෙස උපයා ගන්නා ලද සියලු වත්කම් රජය විසින් පවරා ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.