වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) සහාය ඇතිව මහරගම නාවින්න ප්‍රදේශයේ දී ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුරදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙයට අමතරව එම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු මාතර දිස්ත්‍රික් අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.
වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු මහරගමින් අල්ලයි
By