වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට තුවක්කුකරුවන් භාවිතා කළ යතුරුපැදිය කාර්මික දෝෂයක් ඇතිවීමෙන් පසු බුත්තල ප්‍රදේශයේ බුත්තල-කතරගම මාර්ගයේ 16 වන සැතපුම් කණුව අසල වනාන්තර ප්‍රදේශයක අතහැර දමා ගොස් තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් අම්බලන්තොටට පැමිණ කතරගම-බුත්තල මාර්ගය හරහා කැකිරාවට පලා ගොස් ඇත.