වයඹ නාවික විධානයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජය, කල්පිටිය, අරිච්චල් ප්‍රදේශයට ඔබ්බෙන් සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී ධීවර දැල් ගිල්වන යන්ත්‍ර 13 ක් ලෙස වෙස්වලාගත් රත්‍රන් කිලෝග්‍රෑම් 4.45 ක් සොයා ගත් බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එලෙස රත්‍රන් නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය, වෙන්දේසිවත්ත සහ අනවසල ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනා ඩිංගි යාත්‍රාව සහ රත්‍රන් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් කටුනායක රේගු නිවාරණ කාර්යාලයට භාර දෙන ලදී.