ලුණු ආනයනය කිරීම සඳහා ැවසර ලබා දෙමින් රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

අදාල ගැසට් පත්‍රයේ දැක්වෙන ආකාරයට ආනයන බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව ලබන මස 10 වනදා දක්වා ලුණු ආනයනය කිරීමට හැකියාව පවතිනවා. ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා පසුගිය 15 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදෙනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බවයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක සඳහන් කළේ.

මේ අතර පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් හෙට (21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.