එලොන් මස්ක් තම X ගිණුමේ නිවේදනයක් තබමින් සඳහන් කර ඇත්තේ, ඔහුගේ චන්ද්‍රිකා පාදක  අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව වන ස්ටාර්ලින්ක් (Starlink) දැන් ශ්‍රී ලංකාවේ ද ලබා ගත හැකි බවයි.

චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවා සපයන්නන් සඳහා ඉඩ සැලසෙන පරිදි ශ්‍රී ලංකා රජය සිය විදුලි සංදේශ නීති සංශෝධනය කිරීමෙන් අනතුරුව, 2024 අගෝස්තු මාසයේදී ස්ටාර්ලින්ක් වෙත මෙරට නියාමන අනුමැතිය ලැබී තිබුණි.