සලක වේරගන්තොට පදිංචි ව සිටි මහියංගන පොලිසියට අනියුක්තව සේවය කල උප පොලිස් පරීක්ෂකවරයකු අද (6) උදෑසන පොලිස් විවේකාගාරය තුලදී ටී.56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ගෙන සිය දිවිනසාගෙන ඇතයි මහියංගන පොලිසිය පවසයි .
එම පොලිස් නිළධාරියා, අද (6)උදැසන සේවයට වාර්තා කර වැටලීමකට යාමට යයි පවසා ටී 56 වර්ගයේ ගිනිඅවියක් රැගෙන පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂක විවේකාගාරයට ගොස් ඇති බවත් පසුව එහි ඇදක් මත නිදාගෙන තමන් ගෙනගිය ගිනිඅවිය භාවිතාකර වෙඩි තබා ගෙන ඇති බවත් වෙඩි පහර වැදීමෙන් මොහුගේ ගෙල ප්‍රදේශයට, මුහුණට මෙන්ම හිසට බරපතළ තුවාල සිදුව ඇති බවත් පොලිසිය පැවසීය .
මොහු කාලයක් පුරා රෝගී තත්ත්වය කින් පෙලෙන බවත් පොලිසිය කියයි. කෙසේ වෙතත් වෙඩි තබා ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතයි පොලිසිය පවසයි .
උප පොලිස් පරීක්ෂකවරයෙක් රාජකාරී ගිනි අවියෙන් සියදිවි හානි කරගනී
By