මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගයේ දී ඇමරිකාවේ ඇමැන්ඩා අනිසිමෝවා පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් සමත් වුණා.

ලන්ඩන්හිදී පැවති තරගය ඊගා ශ්වියොන්ටෙක් ජයගත්තේ තරගය වට 02ට බිංදුවක් ලෙසට වන අතර වට දෙකම ඇය ජය ගත්තේ ලකුණු 06ට බිංදුවක් ලෙසවීම විශේෂත්වයක්.

මේ වනවිට කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ රැදී සිටින ඊගා ශ්වියොන්ටෙක් ජයගත් පළමු විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ද මෙයයි.

මේ වසරේ පමණක්, දයානා යස්ට්‍රෙම්ස්කා (දෙවරක්), එමා රඩුකානු, බෙලින්ඩා බෙන්සික් සහ වික්ටෝරියා අසරෙන්කා ඇතුළු ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ස්වියාටෙක් හමුවේ තරගවට දෙකක දී ලකුණු 6-0 ලෙස පරාජයට පත් කර තිබෙනවා.