සංචාරක පොලිසියට පැමිණිලි කර ඇති පැමිණිලි දෙකක් අනුව, ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී විදේශීය සංචාරකයින් දෙදෙනෙකුගෙන් අධික මුදලක් අය කරමින් වංචා කිරීම සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණයකින් පසුව වයස අවුරුදු 40 සහ 48 ක් වන අතර ඉඹුල්ගොඩ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔක්තෝබර් 02 සහ 05 යන දිනවල බ්‍රසීලියානු සංචාරකයෙකු සහ බෙල්ජියම් සංචාරකයෙකුගෙන් රුපියල් 10,000 ක් සහ රුපියල් 30,000 ක් අය කර ඇති බව පොලිසිය පවසයි.