ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය විසින් ඉල්ලීම් ගනනාවක් මුල්කර ගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට කැඳවා තිබූ පැය 48ක සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය මීට පෙර නිවේදනය කර තිබුණි.
දුම්රිය සංකේත වැඩ වර්ජනය අත්හිටුවයි.
By