සිකුරාදා උදෑසන මින්ඩනාඕ ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබල භූමිකම්පාවකින් පසු පිලිපීනය සහ ඉන්දුනීසියාවේ අසල්වැසි ප්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
දකුණු පිලිපීනයේ භූමිකම්පාවේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 (සැතපුම් 186) ක් ඇතුළත පිහිටි වෙරළ තීරයන්ට අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බව පවසමින් එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සහ පිලිපීන භූ කම්පන විද්‍යා ඒජන්සිය යන දෙකම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව වැඩි දුරටත් දැක්වේ.
තවද, පිලිපීන භූ කම්පන විද්‍යා කාර්යාලය පැවසුවේ හානි සහ පසු කම්පන අපේක්ෂා කරන බවයි.
සමාජ මාධ්‍යවල බෙදා ගන්නා ලද දර්ශනවලින් පෙනී යන්නේ මිනිසුන් බිම වැතිරී සිටින බවත්, බිම දරුණු ලෙස සෙලවෙන විට ඔවුන්ගේ සමබරතාවය පවත්වා ගැනීම සඳහා අපහසුවෙන් නැගී සිටින බවත්ය.
ටැගුම් නගරයේ ජනතාව සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවල “ස්වාමීනි, අපව බේරා ගන්න” යනුවෙන් පවසමින් යාච්ඤා කරන ආකාරය ද ඇසුණි.
දකුණු පිලිපීන වෛද්‍ය මධ්‍යස්ථානයේ රෝගීන් දුසිම් ගනනක් රෝහල් ගොඩනැගිල්ලෙන් පලා යන ආකාරය ද පෙන්නුම් කරන ලදී.
පිලිපීනයට හා ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇගවීම්
By