අගෝස්තු 06 වන දින මහරගම, හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දිය අසල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තුවක්කුකරු සැයි සැක කරන කිරිබත්ගොඩ පදිංචි 39 හැවිරිදි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, ලැබුණු තොරතුරක් මත, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ කොට්ටාව නගරයේ දී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මහරගම පොලිස් කොට්ඨාශය තුළ නාවින්න හන්දිය අසල සිටගෙන සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
නාව්න්නේ වෙඩික්කරු කොට්ටාවේදී අ්ඩංගුවට
By