ඊයේ (11) පස්වරුවේ බලපිටිය කොස්ගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට පරීක්ෂණ කරන අතර ඒ් සම්බන්ධ වැඩිදුර තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
දැනට ලැබී ඇති තොරතුරු අනුව, වෙඩි ප්‍රහාරයන්ට ලක්වූ පුද්ගලයා අහුංගල්ලේ සිට කොස්ගොඩ දෙසට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර වෙඩි තබා ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්වූයේ කොස්ගොඩ පදිංචිකරුවෙකු වන කලාදුර නිමුතු අභිෂාන් අභය ද තාබෲ හෙවත් ‘රන් මහත්තයා’ ලෙස හඳුනාගෙන ඇත. ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මූලික පොලිස් පරීක්ෂණවලින් පෙනී යන්නේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ දැනට විදේශගතව සිටින බවට විශ්වාස කෙරෙන ‘ෂාන් මල්ලි’ නමින් හැඳින්වෙන පුද්ගලයෙකු විසින් බවයි.
වෙඩි තැබීමේ ඉලක්කය වී ඇ් ත්‍රිරෝද රථයේ හිමිකරු වන ‘බාලේ’ නමින් හැඳින්වෙන පුද්ගලයා බවත් අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, සිද්ධිය වන අවස්ථාවේ වාහනය ධාවනය කර ඇත්තේ බාලේ යන අයගේ බෑණනුවන් වන වින්දිත නිමුතු අභිෂාන් විසින් බවත් වාර්ථා වේ.
කොස්ගොඩදී වෙඩි තැබුවේ ෂාන් මල්ලී විසින් බාලේ ඉලක්ක කරමින්.
By