ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට චෝදනා එල්ලව අපරාධ චෝදනා ලැබ සිටින ඉෂාරා සෙව්වන්දි නමැති අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව ආරම්භ කර තිබේ.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් තොරතුරකට අනුවය.
කෙහෙල්බද්දර පද්මේ විසින් අනාවරණය කර ඇත්තේ, ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඇය ඩුබායි බලා පළා ගොස් ඇති බවයි.