අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්ති සංවිධානාත්මක අපරාධකරුගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී, ප්‍රකට රංගන ශිල්පිනියන් පස්දෙනෙකු සහ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ දිනූ නිරූපණ ශිල්පිනියක සම්බන්ධ තොරතුරු තොරතුරු සොයාගැනීමට හැකිවී තිබෙන බව වාර්ථා වන අතර ඒ අනුව  ඔවුන් හයදෙනා පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇත.

ඉදිරියේදී මෙම කාන්තාවන් හයදෙනා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් අතර ඔහු සතු ජංගම දුරකථන ද CID භාරයට ගෙන පරීක්ෂාවට ලක් කරන ලදි. එහිදී එම දුරකථනයේ තිබී, එක් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් ඇගේ පෙම්වතා සමඟ සිටින අසභ්‍ය වීඩියෝවක් හමුවූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම, අනෙක් රංගන ශිල්පිනියන් පස්දෙනාගේ සහ ‘මිස් ශ්‍රී ලංකා’ නිරූපණ ශිල්පිනියගේ ඡායාරූපද ජංගම දුරකථනයේ තිබී සොයාගෙන ඇත. එම ඡායාරූපවලින් බොහොමයක්, කෙහෙල්බද්දර පද්මේ සමඟ විදේශ රටවලදී ගත් ඒවා බවද වාර්තා වේ.