රුපියල් 70 ක මිලකට බෝතල් කළ ජලය රුපියල් 200 කට අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය, වරාය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන පුද්ගලික සමාගමක හිමිකරුට රුපියල් 500,000 ක දඩයක් නියම කළාය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ විමර්ශන ඒකකයෙන් ලැබුණු තොරතුරු අනුව සිදු කරන ලද වැටලීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.
එහිදී රු. 70 ක සිල්ලර මිලක් තිබූ මිලි ලීටර් 500 ක බෝතල් කළ ජලය රුපියල් 200 කට අලෙවි කළ සැකකරු අල්ලා ගත් බව නිලධාරීන් තවදුරටත් ප්‍රකාශ කළා.
වැඩි මිලට වතුර බෝතලයක් විකිණූ පෞද්ගලික ආයතනයකට රු. 500000ක දඩයක්
By