කතරගම වෙහෙරගල වැවෙන් අඟහරුවාදා (30) සොයා ගත් අවි ගබඩාවේ ඡායාරූප ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර ඇති අතර ආයුධ සොයාගත් ස්ථානය ගෝනගංආර පොලිස් කොට්ඨාශයට අයත් බව පොලිසිය පැවසීය.
ඒ අනුව, සොයාගත් අවි හා පතරොම්;
T-56 පතුරම් ගැබ් (magazines) 214
LMG ගැබ් (magazines) 38
MPMG 200 ගැබ් (magazines) 11
MPMG 100 ගැබ් (magazines) 09
T-81 ගැබ් (magazines) 06
ගුවන් යානා නාශක අවි සඳහා භාවිතා කරන 12.7 ක ඩ්‍රම් 01ක් (උණ්ඩ 100ක් සහිතව)
වෙහෙරගල වැවේ ජල මට්ටම අඩුවීම හේතුවෙන් අවි ගබඩාව සොයාගෙන ඇත.
ප්‍රදේශය තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් යොදා ගැනීමට නියමිත බවත්, ගෝනගංආර පොලිස් ස්ථානය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ඔවුහු පැවසූහ.
වෙහෙරගල ජලාශයෙන් ආයුධ ගබඩාවක් සොයා ගනී
By