ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති අංශ නංවාලීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා දෙන බව ලෝක බැංකුව පැවසුයේ යයි ප‍්‍රංශ පුවත් සේවය උපුටා දක්වමින් මාධ්‍ය වාර්ථා කර ඇත.
දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සහ වර්ධනය සඳහා පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම මෙම ණය මුදලේ අරමුණ බව කොළඹදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා පැවසුවේය.
‘ආර්ථිකය ස්ථාවර කිරීම සහ වර්ධනය නැවත ආරම්භ කිරීම සඳහා සාධනීය ප්‍රගතියක් ලබා ඇති අතර, රැකියා උත්පාදනය සඳහා මූලික අංග ක්‍රියාත්මක වෙමින් පවතී’ යනුවෙන් බංගා විසින් නිකුත් කල ප්‍රකාශයේ සඳහන් බවටද වාර්ථා කර ඇත.
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් බිලියනයක ණය මුදලක්
By