Content not available.
දවසේ පුවත් පෙළගැස්ම
Webවැකිය
꧁...වැදගත් පුවතක හිතන්නට යමක්...꧂
රටක අනාගතය පරපුරේ මනස තුළ අගුලු දැමූ විෂය මකා දැමීමෙන් පමණක් එම රටට සත්‍ය නිදහස ලැබෙනු ඇත
ශ්‍රී ලංකාව දිනෙන් දින අභියෝගයෙන් අභියෝගයට ගමන් කරන රටකි. ආර්ථික, දේශපාලන, පාරිසරික ගැටලු අතර තවත් අති භයානක හා මග නොහැකි බෝම්බයක් මේ රටේ පදනම කඩා දමමින් ක්‍රියාත්මක වෙයි එනම් ඒ මත්ද්‍රව්‍ය ගැටලුව යි.
ඒ ව්‍යාප්ත වන්නේ යොවුන් පරපුර, විශේෂයෙන් පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් අතර ය. මේ ගැටලුව අනාගත පරපුරට පමණක් නොව, රටේ සම්පූර්ණ සංස්කෘතික හා ආර්ථික පද්ධතියටම අනතුරක් වී ඇත.
පෙර මත්ද්‍රව්‍ය කියා ප්‍රචලිතවූයේ සමාජයේ අසමතුලිත පිරිස් අතර පවතින ගැටලුවක් ලෙසය. නමුත් අද, පාසල් දොරටු ආසන්නයේ සිටම එය අතිශය සුළු වයසක දරුවන්ගේ ජීවිතයට ඇතුල් වී ඇත.
පොලිස් වාර්තා සැලකීමේදී, මෑතකාලීනව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්ගෙන් සොයාගන්නා ලද බොහෝකම පාසල් සහ විශ්වවිද්‍යාල ආසන්න ප්‍රදේශවල සිටි පුද්ගලයන් සම්බන්ධව විය. එය පෙන්වන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාම දැන් අධ්‍යාපන පද්ධතියේ අභ්‍යන්තරයටත් ඇතුළු වූවක් බවයි. එක් මාධ්‍ය වාර්ථාවක දැක්වූයේ 9වසරේ ඉගෙණුම ලබන සිසුවකු ගංජා මිලදී ගන්නා අවස්ථාවක අත්අඩංගුවට පත්වී ඇති බවයි.
කවදාකෝ සිදුවූ විනෝදයක් ලෙස හිතන තරුණයෙකුට මේ ආරම්භය “පොඩි එකක්” ලෙස පෙනෙයි. නමුත් කාලයත් සමඟ ඒ කුඩා විනෝදය ඉතාමත් බියජනක තත්වයකට පත්වෙයි. Ice, Heroin, Methamphetamine, Cannabis වැනි මත්ද්‍රව්‍ය දැන් දරුවන්ට පහසුවෙන්ම ලැබෙන භාණ්ඩයක් බවට පත්ව ඇත.
නියමිත පරිදි පාලනයක් නොමැතිව අතිවිශාල ජාලයක් රටේ විවිධ නගරවල ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන්ම පාසල් අවට වෙළඳාමක් ලෙස එය දියුණු වී ඇත.
බොහෝ විට අල්ලාගන්නා පුද්ගලයන් කුඩා මට්ටමේ වෙළෙන්දෝ ය. නමුත් ඉහළ මට්ටමේ ජාලයන් පවතින්නේ දේශපාලන ආරක්ෂාව යටතේ යැයි පොලිස් නිලධාරීන් පවා කියති.
අනෙකුත් රටවල මෙවැනි මත්ද්‍රව්‍ය ජාල බිඳ දැමීමේ නීති ක්‍රියාත්මක වුවත්, ශ්‍රී ලංකාවේ විශාලතම ගැටලුව වන්නේ නීති ක්‍රියාත්මක වීමේ අසමතුලිතභාවය ය.
ඔබ බලන විට, විශාල ප්‍රමාණයක මත්ද්‍රව්‍ය සමඟ අල්ලාගත් පුද්ගලයෙකු කාලයත් සමඟ නිදහස් වීමත්, හෝ තවත් බලවත් දේශපාලන මැදිහත්වීමකින් මිදීමත් ජනතාවගේ විශ්වාසය බිඳ දැමූ තත්ත්වයකට පත්වී ඇත.
දරුවෙකුගේ පළමු ආරක්ෂාව ඔහුගේ පවුලයි. නමුත් අද පවුල් බොහොමයක් අර්බුද සහිතව, රැකියා හා ආර්ථික ප්‍රශ්න වලට අසීරු වී ඇති නිසා, දරුවන්ට අවධානය අඩු වී ඇත.
පසුව එම හිස්පිළිවෙල පිරවීමේ උත්සාහයෙන් දරුවා “නව අත්දැකීම්” සොයා යන අතර එයින් මත්ද්‍රව්‍යද එකක් වේ.
පාසල් පරිසරය තුළ ගුරුතුමාගේ භූමිකාවද අත්‍යවශ්‍ය වේ. ශිෂ්‍ය සංවාද, මනෝවිද්‍යාත්මක උපදේශනය, සහ විනෝදමය ක්‍රියාකාරකම් මගින් දරුවාගේ මනස ධනාත්මකව යොමු කළ හැක.
මෙය රජය, පොලිසිය හෝ ගුරුතුමාගේ ගැටලුවක් පමණක් නොවේ මෙය රටේ පරපුරේ ගැටලුවකි. අප සියලු දෙනා එකට එකමුතු සටනක් ලෙස මත්ද්‍රව්‍ය විරෝධී විය යුතුය.
තරුණ පරපුරට විකල්ප විනෝද, නව තාක්ෂණික පුහුණු මාර්ග, සහ රැකියා අවස්ථා ලබා දීමත් මේ සටනේ අංගයකි.
නව පරපුරට හැඟවිය යුත්තේ, නිදහස් ජීවිතයක් යනු විනාශකාරී විනෝදයකින් නොව, සාර්ථක අනාගතයකින් පිරුණු එකක් බවයි.