නවීන තාක්ෂණයන් සඳහා වූ ආතර් සී. ක්ලාක් ආයතනයට අනුව, අද රාත්‍රියේ වසරේ විශාලතම සුපිරි සඳ නැතිනම් පූර්ණ චන්ද්‍රයා, එය සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයෙකුට වඩා සැලකිය යුතු ලෙස විශාල හා දීප්තිමත් ලෙස දිස්වන බව සඳහන් වේ.

සුපිරි සඳ 14% ක් පමණ විශාල වන අතර දළ වශයෙන් 30% ක් පමණ දීප්තිමත්ව බබළන බව වැඩිදුරටත් පැවසීය. චන්ද්‍රයාගේ ඉලිප්සාකාර කක්ෂය එය පෘථිවියට සමීප කරන අතර එය මෙවර කිලෝමීටර් 356,980 ක් පමණ දුරින් දක්එනට හැක. මෙවැනි සිදුවීම් වසරකට කිහිප වතාවක් සිදු වන බවත් වෙරළබඩ ප්‍රදේශවල සාමාන්‍යයට වඩා වැඩි වඩදිය බාදිය ඇති කළ හැකිය. පූර්ණ සහ නව සඳ අදියර දෙකෙහිම සුපිරි සඳ සිදුවිය හැකිය.