කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන රත්මලානේ ගුවන් ගොටුපලට ලොව පුරා පියාසර කළ ලාබාලතම ගුවන් නියමුවා බවට පත්වීමේ අභියෝගාත්මක ගමනක යෙදී සිටින 15 හැවිරිදි ගුවන් නියමුවෙකු වන බයිරන් වොලර් පැමිණ තිබේ.
ඉන්දියානු සාගරය හරහා පැය 11 ක ගුවන් ගමනකින් පසු බයිරන් වොලර් ඉරිදා (17) ගුවන්තොටුපළට පැමිණි බව රත්මලාන ගුවන් තොටුපල නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
“ක්‍රෝන්ගේ රෝගය සමඟ ජීවත් වන බයිරන්, රෝගය තම ඉරණම නිර්වචනය නොකරන බව ඔප්පු කරමින් සිටී. ඔහුගේ ඔරොත්තු දීමේ හැකියාව, ධෛර්යය සහ අධිෂ්ඨානයට තරුනයන්ට ආදර්ශයකි,” යැයි තවදුරටත් පැවසීය.
ලොවවටා ගිය ලාබාලතම නියමුවා වීමේ සිහිනයෙන් සංචාරයකරන ගුවන් නියමුවා කොළඹට පැමිනෙයි
By