අනුරාධපුර, ගලෙන් බිඳුණුවැව ගොවින් යල කන්නයේ වගා කළ අක්කර දහස් ගණනක ලොකු ලූනු සඳහා වෙළඳ පොලේ රුපියල් 80 – 100 කට ආසන්න මුදලකට පැවතීම හේතුවෙන් විකුනාගත නොහැකිව අස්වැන්න නිවෙස්වල ගොඩ ගසා තිබීමෙන් කුණු වී කිලෝ දහස් ගණනක් ඉවත දැමීමට සිදුව ඇතැයි ප්‍රදේශයේ ගොවීහු පවසති.
මේ වන විට දෛනිකව තම අස්වැන්න තම ගබඩා වලින් තෝරා ප්‍රයෝජනයට ගත නොහැකි ලූනු ඉවත් කිරීමට සිදුව ඇති බව ගොවිහු සමාජ මාධ්‍යතුල පවා ප්‍රකාශ නිකුත් කර ඇත.
ලුනු බීජ කිලෝ එකතින් ලූනු අස්වැන්න ආසන්න වශයෙන් කිලෝ 3000 ක් බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ගොවින් චෝදනා කරන්නේ මේ වන විට එක් ගොවියකු ආසන්න වශයෙන් අස්වැන්න කිලෝ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඉවත දමා ඇති බවයි.