අධික ලෙස බීමත්ව සිටි හා ගුවන් යානයට ගොඩවීමෙන් අනතුරුව එහි කාර්ය මණ්ඩලය සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලී ඇති ජනප්‍රිය ගායන ශිල්පියකු ඊයේ (10) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපළෙන් ප්‍රසංගයක් සඳහා ඩුබායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඉවත් කර තිබෙන බව වාර්තාවේ.
ගුවන් යානයේ ගුවන් සේවිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ බහින්බස් වීම දුරදිග යාම හේතුවෙන් ගුවන් ගායකයා තවදුරටත් ගුවන් යානයේ තබාගෙන ඩුබායි බලා පියාසර කළ නොහැකි බවට තීරනය කල ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ඒ පිළබඳව ගුවන්තොටුපළ බලධාරීන් වෙත දැනුම් දී තිබේ.
එම දැනුම් දීමෙන් පසු අදාල ගායකයා ගුවන් යානයෙන් බිමට බස්සවා ඇති අතර ඔහු කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන ඇත. ඔහුගේ විගමන කටයුතු සඳහා වූ සටහන් අවලංගු කිරීමෙන් පසුව ඔහුව මුදා හැරීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇති බවත් වාර්ථා වේ.
ෆේස් බුක් සටහනක් තබමින් අදාල ගායකයා කියා ඇත්තේ 'ඔබෙත් අඩුපාඩු ඇත මගෙත් අඩුපාඩු ඇත.සර්ව සම්පූර්ණ මිනිසුන් මෙලොව නැත' යනුවෙනි.