අදාළ හෙළිදරව්වෙන් පසු එම පිරිස දැකීමෙන් තමන් කම්පාවට පත් වූ බවත්, තමන් සිදු කර ගත්තේ විශාල වරදක් බවට අවබෝධ වී ඇති බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.
කෙසේ වෙතත්, තමන් සිදු කරන ලද ප්‍රකාශයන්හි කරුණු තහවුරු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තමන් සතුව ඇති බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සූදානම් බවට කථානායකවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවත් චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.