නුවරඑලිය නානුඔය ප්‍රදේශයට (12) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එක්වරම ප්‍රධාන මාර්ගය දිගේ විශාල ජල ධාරිතාවක් ගලා ඒම හේතුවෙන් නගර මධ්‍යයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වූ අතර, රථවාහන මෙන්ම දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබුණි.
නානුඔය දුම්රිය ස්ථානයට යාබදව පිහිටි රදැල්ල ප්‍රදේශයේ උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ඕඩිසි දුම්රිය විනාඩි 15ක් පමණ නතර කර තැබීමට සිදු විය. පසුව එම පස් කන්ද කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම දුම්රිය බදුල්ල දක්වා ධාවනය කල බවයි නානුඔය දුම්රිය ප්‍රකාශකයෙකු කියා සිටියේ.