සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය දේශීය වෙළඳපොලේ බිත්තර මිල රුපියල් 10 කින් අඩු කරන බව නිවේදනය කර තිබේ.ඒ අනුව, සුදු බිත්තරවල තොග ගොවිපල මිල රුපියල් 18 ක් ලෙස නියම කර ඇති අතර රතු බිත්තරවල මිල රුපියල් 20 ක් වන බවත් ප්‍රකාශ කර ඇත.

බිත්තර සඳහා ඇති ඉල්ලුම මෑතකදී පහත වැටී ඇති බැවින්, මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ ඒකාධිකාරය මැඩපැවැත්වීම සහ ඉල්ලුම සහ සැපයුම සමතුලිත කිරීම සඳහා මෙම තීරණය ගත් බව සංගමයේ සභාපති නවෝද් සම්පත් බණ්ඩාර මහතා පැවසීය.