ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධ මෑත කාලීන සිදුවීමක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එය අද දින (15) අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවත් වාර්ථා වේ.

මේ වන විට පොලීසිය මඟ හරිමින් සිටින
නීතිඥවරයා, අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ඊයේ රිට් පෙත්සම ගොනු කළේය.

උසාවි පරිශ්‍රයෙන් වාහනයක් ඉවත් කිරීම සම්බන්ධ ආරවුලකින් පසුව ගුණරත්න වන්නිනායකට පහර දුන් බවට චෝදනා මත පොලිස් කොස්තාපල්වරයා පසුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබීය. සඳුදා ඔහුට ඇප ලැබුණි.