පසුගි 10 වෙනිදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ ඇති වූ බව කියන ආරවුලක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායකට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ ඇති වූ බව කියන ආරවුලක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගුණරත්න වන්නිනායක අද අධිකරණයට පැමිණියේය.
අධිකරණ පරිශ්‍රයෙන් වාහනයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකින් පසුව නීතිඥයකුට පහර දුන් බවට චෝදනා මත පොලිස් කොස්තාපල්වරයා පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර සඳුදා ඔහුට ඇප ලැබුණි.
වන්නිනායක අධිකරණයට භාරවෙයි. ලක්ෂ 5ක ඇප දෙකක් මත මුදා හරියි.

By