නීතිඥවරයා තම වාහනය අධිකරණ පරිශ්‍රයෙන් පිටතට ගෙන යාමට උත්සාහ කරන අතරතුර එම පොලිස් නිලධාරියා නීතිඥවරයාට පහර දුන් බවට මීට පෙර ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකල පරීක්ෂණය අනුව පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔක්තෝබර් 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ආරවුලේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය මගින්ද ප්‍රචාරය වූ අතර පොලීසිය විසින් ඒවා ලබාගෙන ඇති බවත් ඉදිරි විමර්ශනයේදී භාවිතා කරනු ඇති බවත් වාර්ථා වේ. එසේම, එම ස්ථානයේ සිටි කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ද සටහන් කර ගෙන ඇත.
