ගල්කිස්ස උසාවිය භූමියේ සිදුවූ සිදුවීම සම්බන්දයෙන් මේවන විට සමාජ ජාලාතුල කතිකාවතක් සිදුවෙමින් පවතින තත්වයක් තුල ඒ සම්බන්දයෙන් වැඩ බලන පොලිස්මාධ්ය ප්‍රකාශක මිනුර රශාන්ත මහතා මුහුනු පොතේ සටහනක් තබා ඇති අතර එය පහතින් උපුටා දක්වා ඇත.
"ගල්කිස්සේ උසාවි භූමියේදී පෙරේදා වූ සිදු සම්බන්ධව විවිධ පාර්ශවයන්ගේ විවිධ අදහස් ඇත. මුල් අවස්ථාවේදී පොලිස් නිලධාරියා රිමාන්ඩ් වීම දක්වා වූ ක්රියාවලිය සම්බන්ධව,පොලිස්පතිතුමාගේ නියමයෙන් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ වගේම එම ස්ථානයේ පොලිස් රාජකාරීයට සාපරාධි බලහත්කාරය පෑම,සාපරාධි බිය ගැන්වීම හා බැන තර්ජනය සිදු කරන ලද නීතිඥවරයා සම්බන්ධවත් විමර්ශනයක් ආරම්භ කර ඇත.ඔහුගේ ක්රියාවන් සම්බන්ධවත් සාක්ෂි ලෙස විඩීයෝ දර්ශන හා ප්රකාශ ලබා ගෙන ඇත. එමෙන්ම අද දිනයේදී එම
නීතිඥවරයා ගල්කිස්ස මූලස්ථානය පොලිස් ස්ථානයට කැදවීමක් කර ඇත.ඒ වගේම නිලධාරියාගේ රැකියාව සම්බන්ධව ගැටලුව නැත ඔහුගේ රැකියාව සුරක්ෂිතයි. නිලධාරියාට අවශ්ය නීතී සහය ලබා දිමද හෙට දියයේදී සිදු වනු ඇත.
මෙම සිදුවීමේදි සමස්ත පොලිසිය වෙනුවෙන් හිටගත් සියලුම ශ්රීලාංකිකයින්ට මාගේ හද පිරි ස්තුතිය පුද කරමි.එමෙන්ම මෙම සිද්ධිය අලලා බොරදියේ මාලු බාන පිරිසක් සිටිති.එනම් පොඩි නිලධාරින් සම්බන්ධව සොයා බලන්නේ නැහැ.පොඩි නිලධාරීන්ට ගරහන ආයනතයක් බව ඒත්තු ගන්නවා සාතිශය බහුතරයක් වූ එම නිලධාරින්ගේ ආකල්ප බිද දැමීමත් උත්සහයක් ඇත. ඇතමුන් කිඹුල් කදුලු හෙලන්නේ පොලිසිය සමග ඇති ඇරියස් එක නිසා බව එම අදහස් වලින්ම පැහැදිලි වේ.අපේ නිලධාරීන් කිසිම හේතුවක් නිසා කලකිරීමට පත්විය යුතු නැත.බොහෝ අවස්ථාවලදී අපි රාජකාරී සීමාවෙන් එහාට ගොස් අපේ බෙල්ල තබා පොඩි නිලධාරීන් බේරා ගත් අවස්ථා එමට ඇත.එහෙයින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අපි වගකියනු ඇත.එබැවින් මෙම සිදුවීම අලලා සමස්ත පොලිසියේ අභ්යන්තර බිද දැමීමට ඇතමුන් ගන්නා උත්සහය සම්බන්ධව කණගාටු වෙමි."


WhatsApp Image 2025-10-12 at 10.01.55_996dca19.jpg
.

.