ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයාට අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කරන ලදී.
සිකුරාදා (10) අධිකරණ පරිශ්‍රය තුළ වාහනයක් ගෙනයාම සම්බන්ධයෙන් නීතිඥවරයෙකු සමඟ ඇති වූ බව කියන ආරවුලකින් පසුව කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
ඔහුට ඇප නියම කිරීමෙන් පසු, පිරිසක් ඔහුගේ වාහනය වටකරගෙන ප්‍රීති ඝෝෂා නැගූ අතර සුබ පැතුම් කියමින් සහ ඔහුව උරහිස් මත ඔසවාගෙන සැමරූහ.
පොලිස් නිළධාරියාට ඇප ලැබූ පසු සාමාන්‍ය ජනතාව ඔහු හරසරින් පිළිගනියි.

By