අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමකදී අපේක්ෂිත ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා නානායක්කාර මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද ඉල්ලීමක් අධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කරන ලද වාතාවරනය යටතේ හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි බව වාර්ථා වේ.

කෘෂිකාර්මික රැකියා සඳහා ඊශ්‍රායලයට සේවකයින් යැවීමේ පසුගිය රජයේ වැඩසටහන අතරතුර සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා නානායක්කාර මහතා කැඳවා තිබුණි.